Colombo Today Local News

දේශපාලකයන් හොදයි.. වැරැද්ද ජනතාව අතේ.. අළුත් ජනතාවක් පත්කර ගත යුතුයි – මැකො

Mahinda deshapriyaනරක් වී ඇත්තේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බැවින් අලුත් ජනතාවක් පත්කර ගැනීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දේශපාලනඥයින් යනු යක්කු හෝ දුරින්භූත කළ යුතු කොටසක් නොවන බවත් ලංකාවේ නරක දේශපාලනඥයින් නොමැති බවත් දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (28)මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

තරුණ නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවකින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ පද්ධති සඳහා වන අන්තර්ජාතික පදනම එක්ව Youth Vote SL නමින් 2016 අගෝස්තු මස 5වන දින සිට 2016 අගෝස්තු 12 දක්වා දින 7ක ජාතික සමාජ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කරලීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා‍ තිබිණි.

Related posts

නාම පුවරුවලින් මෛත්‍රීගේ නම වසා තබන්නැයි මැතිවරණ කාර්යාලය දන්වයි. සල්ලි දුන්නොත් වහන්නම් පළාත් පාලන ආයතන කියයි.

colombotoday

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

colombotoday