Colombo Today Local News

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

256983

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම දඩමීමා කරගෙන ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කදවුරු සහ නිළධාරීන් පිළිබදව සියළු තොරතුරු හෙළිදරව් කරමින් මහා පාවාදීමකට පසුබිම සැකසෙමින් පවතින බවට දේශපාලන අභ්‍යන්තරයේ දැඩි කැළඹීමක් මේවන විට ඇතිව තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේද රාවයක් පැතිර ගොස් තිබිණී. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවීමට අදාළ පරීක්ෂණ පොලිස් අධිකාරී ආර්. ආර්. නාගහමුල්ල ට භාර දී තිබෙන අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඒකකය විසින් 2008 ජනවාරි මස සිට 2009 ජනවාරි 31 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මෙහෙයුම් වලට අදාළව ක්‍රියාත්මක වූ සියළුම බුද්ධි බළකා කදවුරු සහ නිළධාරීන් සම්බන්ධ විස්තර යුද හමුදා නීති අංශයෙන් දැනටමත් ඉල්ලා ඇතිබව ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව 2008 ජනවාරි 01 දින සිට 2009 ජනවාරි 31 වැනිදා දක්වා සන්නද්ධ බුද්ධි බළකායේ කදවුරු පිහිටි ස්ථාන, එහි අණදෙන නිලධාරියාගේ නම, ජාතික හැදුනුම්පත් අංක, භාවිතා කළ දුරකථන අංක, අදාළ නිලධාරීන් සදහා ජංගම දුරකථන නිකුත් කළ නිලධාරීන්ගේ විස්තර, අදාළ කාල සීමාව ඇතුළත සන්නද්ධ බුද්ධි බළකාය භාවිතා කළ සියළුම රථවාහනවල අංක සහ එහි අයිතිකරුවන් සහ සන්නද්ධ බුද්ධි බළකායේ සියළුම කදවුරුවල ස්ථාවර නියෝග ඇතුළු සියළුම තොරතුරු වහාම ලබා දෙන ලෙස දන්වා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව දිවි පරදුවට තබමින් උපන් බිමේ නිදහස උදෙසා සුවිශේෂී මෙහෙවරක නිතරත වූ සන්නද්ධ බුද්ධි බළකා රණවිරුවන්ගේ සියලු තොරතුරු පොලිස් පරීක්ෂණ ඒකක අතට පත්වීමට නියමිත අතර ඒ හරහා සදාකල් රහසක්ව පැවතිය යුතුව තිබෙන ජාතික ආරක්ෂාවේ හදවත බදුවූ සන්නද්ධ බුද්ධි බළකා විරුවන්ගේ තොරතුරු ලෝකය ඉදිරියේ දිගහැරෙනු ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මුළුමනින්ම විනාශ කරමින් මිලේනියම් සිටී පාවා දීමට නොදෙවනි මහා පාවාදීමක් මේලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඇමරිකාව සහ රජය ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශව අනුව ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත යුද අපරාධ පරීක්ෂණයට පෙර අති ප්‍රබල යුද හමුදා රහස් හෙළි කිරීම සදහා රටේ ඉහළම තැනකින් නියෝග දී ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

Related posts

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

සමෘද්ධි හා EPF අරමුදල් දෙකට ස්ථීර ආදායමක් ඖෂධ නිෂ්පාදනයේ ඇතිද සොයා බලන්න ජනපති උපදෙස්

colombotoday

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

Admin

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

colombotoday