Colombo Today Local News

මෙරට දැවැන්තම බහුකාර්‍ය ව්‍යාපෘතිය: මොරගහකන්ද මහ වේල්ලේ නිධන් තැන්පත් කෙරේ

kaluganagaලංකාවේ දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැළි ව්‍යපෘතියේ විශාලතම ජලාශය වන මොරගහකන්ද, කළුගග වේල්ලේ නිධන් තැන්පත් කිරීම අද පෙරවරුවේ එළඹුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

එම අවස්ථාවට මහා සංඝරත්නය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවී සිටියහ.

පසුගිය රජයේ මහින්ද චින්තනය වැඩපිළිවෙළ යටතේ 2007 වසරේ ඇරඹි මෙම ව්‍යාපෘතිය රුපියල් කෝටි පහළොස් දහසක් පමණ වැයකොට ඉදිකෙරෙන අතර එමගින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් පමණ අස්වැද්දීමට නියමිතය.

මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ජනතාවට සෘජුවම සෙත සැළසෙන මෙම ව්‍යාපෘතිය යටතේ උප නගර 12ක් අළුතෙන් ඉදි කිරීමට නියමිත අතර, එම දිස්ත්‍රික්කවල පානිය ජළ ගැටළුවද මෙම ව්‍යාපෘතියෙන් විසදුම් ලැබෙනු ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකොට මෙගාවොට් 25ක ජලවිදුලියක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබේ. මාස හතරකින් පමණ මෙම ව්‍යාපෘතියට ජලය පිරවීමට නියමිතය.

Related posts

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

ජනපති පුත් දහමට විරුද්ධ මඩ මෙහෙයුම දියත් කලේ එජාපයදැයි සොයන්න CID යොදවයි

colombotoday

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin