Colombo Today Local News

දළදා කරඬුව වැඩමවන්නත් ඇතුන් නැතිවෙයි.. පින්නවල අලින්ට පෙරහැරේ ගමන් බෑ – දියවඩන නිළමේ

nilanga deala

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙය් දළදා කරඩුව වැඩමිවීම සදහා සිටින්නේ පරිනත දළ ඇතුන් තිදෙනෙකු පමණක් බවත් ඔවුන්ගෙන් පසු පෙරහැර කරඩුව වැඩමවීමේ අර්බුධයක් නිසැකවම හටගන්නා බවත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා පවසයි.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඊයේ දළදා මාළිගයේදී පැවති සාකඡ්චාවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

ඉන්දිරාජා, නැදුන්ගමුවේ රාජා සහ කතරගම වාසනා යන දළ ඇතුන් තිදෙනාට අමතරව මිල්ලන්ගොඩ පොඩි රාජා සිටියත් එම ඇතා මදකිපී ඇති බැවින් පෙරහැරේ ගෙන යා නොහැකි බවද දියවඩනා නිළමේවරයා මෙහිදී සදහන් කර සිටියා.

කරඬුව වැඩම කරවීම සඳහා අඩි 09ක් පමණ උස අවුරුදු 35 – 40 වයසේ පසුවන සද්ධන්ත දළ ඇතෙකු අවශ්‍යය බවත් දෑලේ ගමන් කිරීම සඳහා එම ප්‍රමාණයේම දළ ඇතුන් දෙදෙනෙක් අවශ්‍යය බවත් පැවසූ ඒ මහතා දැනට පවතින තත්ත්වය අනුව මෙම ගැටළුවලට විසඳුමක් වශයෙන් පරිණත දළ ඇතුන් කිහිපදෙනෙකු ඉතා ඉක්මනින් ඉන්දියාවෙන් ගෙන ආ යුතුව ඇති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

හීලෑ අලි ඇතුන් හිගයට පිළියමක් වශයෙන් පෙරහැර සදහා පින්නවල අලි ඇතුන් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතත්, පෙරහර මංගල්‍යයට යොදාගත යුත්තේ හොඳින් පුහුණවලත් අලි ඇතුන් බවත් බෙරහඬට, පන්දම් එළියට, වාහන ශබ්දයට හොඳින් හුරුවූවන බවත් සඳහන් කළ නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර පෙරහරට පින්නවල අලි ඇතුන් යොදාගැනීම කිසිසේත්ම කළ නොහැක්කක් බවය.

Related posts

ජනපති හමුවෙන්න විමල් යයි.. බෙදුම්වාදීන් හදන ව්‍යවස්ථාව අකුලාගන්නැයි ඉල්ලයි

colombotoday

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

සිංහ කොඩියට යළිත් පණ දෙන්න, ලෝක සිතියමේ කොහේ හිටියත් ඔබත් එක්වන්න ! – විමල් ලන්ඩනයේදී

colombotoday

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday