Colombo Today Local News

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

jaffna uf5යාපනය විශ්වවිද්‍යාලයේ තත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින අතර හැකි ළඟදීම විශ්වවිද්‍යාලය විවෘත්ත කිරීමට කටයුතු කරන බව රජය නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එමෙන්ම අදාළ සිදුවීම තරයේ හෙලා දකින බවත් නිවේදනයේ දැක්වෙන අතර එම නිවේදනය පහත පරිදිය.

ප්‍රවෘත්ති නිවේදනය

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (16) ඇති වූ සිද්ධියෙන් පසු දැන් එහි තත්ත්වයසාමාන්‍ය අතටහැරී ඇති අතර ළඟදීම විශ්ව විද්‍යාලය යළි විවෘත කිරීමට පියවර ගනිමින් පවතින බව රජය ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය රජය තරයේ හෙළා දකී. එමෙන්ම මෙම ගැටුමේදී ප්‍රචණ්ඩ ක්‍රියා‍වල යෙදුන ශිෂ්‍යයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල බලධාරීන් පවසන අතර විශ්වවිද්‍යාලය තුළ සාමය ඇති කිරීමට හා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය බැඳී සිටී.පොලිස් පරීක්ෂණ වෙනමම ක්‍රියාත්මකයි.ඒ හා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධිය ජාතීන් අතර ගැටුමක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නමුත් මෙය හුදෙක් සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකි. එහෙත් එහිදී ඇතැම් සිසුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම රජය තරයේ හෙළා දකී. ගත වූ වසර ‍6ක පමණ කාලයක සිට යාපනය විශ්ව විද්‍යාලයේ විවිධ ජාතීන් හා ආගම් වලට අයත් 7000 ක් පමණ වන සිසුහු සාමකාමීව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කරති.

ඔවුන් මීට පෙරද දීපවාලි, වෙසක් ආදී දෙමළ හා සිංහල ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවන්හිදී සහයෝගයෙන් කටයුතු කර ඇත. එසේම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් බොහොමයක් නතර වී සිටින්නේද දෙමළ ජනතාවගේ නිවෙස් වලය.

පසුගිය සෙනසුරාදා සිද්ධියට හේතු වී ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයකදී සිසුන් දෙපිරිසක් අතර හටගත් බහින්බස්වීමක් නිසා ඇති වූ ගැටුමකි.

මෙම සිද්ධිය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් බහුතරයක් වගකීමෙන් යුතුව වාර්තා කිරිම රජය අගය කරයි. එසේම සමාජ මාධ්‍යයන්ද මෙවැනි සිදුවීම් මීට වඩා වැඩි වගකීමකින් වාර්තා කළ යුතුව තිබේ.

මෙම අවස්ථාවේ සාමය ආරක්ෂා කිරීමට නිරායුධව පැමිණි පොලීසිය ගැටුම සමථයකට පත් කිරිම සඳහා ක්‍රියා කළ ආකාරයද ප්‍රශංසනීයයි.

මෙහිදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒ නිසා ඇති වූ අවාසනාවන්ත තත්වය විශ්ව විද්‍යාල ප්‍රජාව, විශ්ව විද්‍යාල බලධාරීන්, ශිෂ්‍ය සංවිධාන, දෙමළ ජාතික සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ විසින් හෙළා දැකීමද අගය කළ යුතුය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධිය නිසා අනිකුත් විශ්ව විද්‍යාලවල නොසන්සුන් තත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම පිළිබඳව එම විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ප්‍රජාව හා පාලන අධිකාරීන්ට රජයේ ප්‍රශංසාව හිමි වේ.මේ සම්බන්ධයෙන් ගැටුමට අදාළ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ඇතුලු ප්‍රධාන පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට විශ්ව විද්‍යාලය තුළ සාමය හා සංහිඳියාව තහවුරු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී. මේ වෙනුවෙන් සාමය හා සහජීවනයට අදාළ අමාත්‍යාංශ සහ ආයතන වල සහායද ලබා ගැනේ.

Related posts

උතුරේ විහාරස්‌ථානවල ඉදිකිරීම්වලටත් නඩු… බෞද්ධ විරෝධී වැඩ ගැන ආණ්‌ඩුව නිහඬයි

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

Admin

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

colombotoday