රජය සැලසුම් සහගතව සාලාව යුද හමුදා කදවුරේ මධ්‍යම අවි ගබඩාව පුපුරවා හැරි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. බෙලිඅත්තේ පැවති රැස්වීමක් අමතමින් මෙලෙස අදහස් දැක්වූවා.
අද බලන්න සාලාව අවි ගබඩාවට මොකද කලේ? අවි ගබඩාව පිපිරෙවුවා. ඒක පුපුරවල දවසෙන් සාගල රත්තානයක ඇමතිවරයා කිවුවා වැඩිපුර තියෙන අවි විනාශ කරනව කියල .ඒ අනුව තමයි වේයන්ගොඩ යුධ හමුදා කදවුරේ තියෙන බර අවි සියල්ල ත්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මේ. කෝටි ගණනක අවි ආයුධ මේ ආණ්ඩුව විනාශ කළා.