Colombo Today Local News

ජනපති මෛත්‍රී සෞඛ්‍ය ඇමතිකමවත් හරියට කරගන්න බැරිව හිටි කෙනෙක්.. රට කුණුවෙලා – ජවිපෙ නායක

anu56ddසෞඛ්‍ය ඇමතිකම හරියට කරගන්න බැරිව හිටපු මෛත‍්‍රී ජනාධිපති වුණ විදියත් පක්ෂය දෙකට බෙදිලා ගහමරාගනිමින් හිටපු පොලිස් ආරක්ෂාව නැතිව සිරිකොතේ රැස්වීමක් කර ගන්න බැරිව හිටපු රනිල් වික‍්‍රමසිංහ අගමැති වුණ විදියත් ඒ අය අමතක නොකළ යුතුයි. මහින්දට තිබුණ ජනතා විරෝධය නිසා තමයි මේ දෙන්නට තනතුරු ලැබුණේ. ඒ අයගේ දක්ෂකමක් නෙවෙයි. ඒ නිසා මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජීවිත වනසන, නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පරදවමු! සයිටම් වසාදමනු! මැයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථාන විසින් සංවිධානය කරන ලද රැලියට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසීය.

හොඳටම ඔප්පු වෙලා ඉවරයි. තවත් අත්හදා බලන්න දෙයක් ඉතිරි වෙලා නැහැ නේද? ජනතාව තෝරගන්න ඕනෑ මේ විදියට රට කුණුවෙලා යන්න දෙනවද නැත්නම් ඒක වෙනස් කරනවද කියලා. ජවිපෙ නායකයා එහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ 06%යේ අරගලයට එවකට විපක්ෂයේ හිටපු එජාපය සම්පූර්ණ සහයෝගය දුන්නා. අරගලය අනුමත කළා. හයිඩ් පාක් එකේ පවත්වපු රැලියට රනිල් වික‍්‍රමසිංහත් සහභාගි වෙලා අපේ කතා අහගෙන හිටියා. ඒත් දැන් බලයට ආපු රනිල් වික‍්‍රමසිංහලා කරන්නෙත් මහින්ද රාජපක්ෂලා කළා වගේම අධ්‍යාපන කප්පාදුවම තමයි. යනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් අදහස් දැක්වූහ.

එයට ප්‍රතිචාර දක්වමින් මේතන තියෙන්නේ ඇත්තටම පුද්ගලයින්ගේ අඩුපාඩුවම නෙවෙයි. මේක මේ ආණ්ඩුවල ප‍්‍රතිපත්තියේ ප‍්‍රශ්නයක්. රනිල් ආවත් මහින්ද ආවත් ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ. ඒ නිසා ණය මත යැපෙන්න වෙනවා. ණය ගන්නකොට සමහර කොන්දේසිවලට යටවෙලා සේවා සැපයීම් කප්පාදු කරනවා. කප්පාදුවට ලක්වෙන ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍රය සෞඛ්‍යයි, අධ්‍යාපනයයි. ඒකේ ප‍්‍රකාශනය තමයි අද මේ සයිටම් එකෙන්, ශිෂ්‍යන්ට පහරදීමෙන්, අධ්‍යාපනය වෙන්කරන ප‍්‍රතිපාදන කප්පාදුවෙන් පෙන්නුම් කරන්නේ. යනුවෙන් අනුර දිසානායක මහතා පවතින තත්ත්වය විස්තර කළේය.

 

Related posts

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday