Colombo Today Local News

ලංකාවේදී පුහුණුව ලබා ISIS ත්‍රස්තයන්ට එකතු වූ යුවළක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි !

sri lankan isis

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි මාස දෙකක ඉස්ලාමීය පුහුණුවක් ලැබ අයි.එස් අන්තවාදීන්ට එකතුවුණු යුවළක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශවල අවධානය යොමුවී තිබේ.

ෆාතිමා(නිමිෂා), ඊශා (බෙසොන් වින්සන්ට්) නමැති මොවුන් ශ්‍රී ලංකාවේදී සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහභාගිව සිට පසුව අතුරුදහන්ව ඇති බවත්, මොවුන් අයි.එස් සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

සුන්නි ඉස්ලාම් නිකායේ වහාබ් කොටසට අයත් සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් මීගමුව ප්‍රදේශයේ කුඩා නිවසක් කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන බව ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මලවි මුබාරක් ‍පවසා ඇතැයි New Indian Express පෙන්වාදෙයි.

මේ පිළිබදව අද දෙරණ පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් මුබාරක් මවුලවි පවසා ඇත්තේ ඉස්ලාමීය දහම ඉගැන්වෙන මධ්‍යස්ථාන පවතින නමුත් ඒවායේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඉගැන්වීම් සිදුවන බවට තොරතුරු නොමැති බවයි. කිසිදු විදෙස් සිදුවෙකු ලංකාවට පැමිණ මෙම මධ්‍යස්ථාවල අධ්‍යාපනය ලබා නොමැති බවද ඔහු පවසයි.

එනමුත් ඉන්දීය පුවත් උපුටා දක්වන අන්දම අදාළ යුවළ තමිල්ණාඩුවෙන් කෝචි ප්‍රදේශයට පැමිණ, අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ දෙමසක් පමණ නැවතී සිට ඇති අතර ඒ කාලය පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

මොවුන් දෙදෙනා පිළිබදව තොරතුරු ශ්‍රී ලංකා පොලීසිය හරහා ලබාගත් බවට ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන අතර ඒ පිළිබදව විසීමේදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තොරතුරු වාර්තා නොවන බවයි.

සෞදි අරාබිය, පාකිස්ථානය, කටාරය ඇතුළු රටවලින් පැමිණි පූජයන් යටතේ ඉස්ලාමීය මද්රසා පාසල් තුළ මූලධර්මාවාදී ඉස්ලාමිය ඉගැන්වීම් සිදුවන බවට විවිධ සංවිධාන මගින් පසුගිය සමයේ දිගින් දිගටම හෙළිදරව් කළ අතර පැවති රජය හෝ වත්මන් රජය ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමුකර නැත.

මෙම තත්ත්වය යටතේ ශ්‍රි ලංකාවේ බහුතර ඉස්ලාමීය ප්‍රදේශවල ISIS ත්‍රස්ත මතවාදය ප්‍රචලිත වන බවට රාජ්‍ය බුද්ධි අංශ පසුගිය සමයේ හෙළිදරව් කර තිබුණු අතර, මෙරට ඉස්ලාමීය අන්තවාදීන් සම්බන්ධ තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ඉන්දීය බුද්ධි අංශද දන්වා තිබිණි. නමුත් ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ඊට ලැබී තිබුණේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි.

මේ අතර ජාත්‍යන්තර යුද ගැටුම් ආධ්‍යන අයතනය නම් වු ඇමරිකානු සමීක්ෂණ ආයතනයක් විසින් ශ්‍රී ලංකාවද ISIS ත්‍රස්ත ඉලක්කයක් බවට පත්ව ඇතැයි අනාවරණය කර තිබුණු අතර බංග්ලාදේශය, මාලදිවයින යන රටවලින් සංචාරක වීසා ලබාගෙන මෙහි පැමිණෙන මුස්ලිම් තරුණයන් මෙහි රැදි සිටිමින් න්‍යායික පුහුණුව ලබන බවද, සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාව යොදා ගන්නා බවටද වැඩි දුරටත් අනාවරණය කර තිබිණි.

Related posts

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

අධික වර්ෂාව දිගටම තිබුණොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

Admin

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

colombotoday