Colombo Today Local News

“සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බරයේ එනවා.. වැරදිකරුවන් සොයා දඩුවම් දෙනවා” – විදේශ ඇමති

mangala diaspora 3යුද සමයේදී කිසියම් යුද අපරාධ හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැනි වෙනත් නීති විරෝධී කි‍්‍රයා සිදුවී ඇත්දැයි සොයාබැලීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම ලබන සැප්තැම්බරය වන විට පිහිටුවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පසුගියදා නිමා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් දෙවන සැසි වාරයට සහභාගි වීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සත්‍යය සෙවීමේ කොමිසමක් ඇති කරනවා, නමුත් ඒ ඇති කරන්නේ ජනතාවගේ අදහස් දැන ගෙන. දෙමළ ජනතාව, යුද්ධය කරපු හමුදාව, හමුදා පවුල්, දකුණේ ජනතාව මේ සියලු දෙනාගේ අදහස් දැන ගෙන සත්‍ය සෙවීමේ ආයතනය සැප්තැම්බර් වන විට පිහිටවනවා.

යම් වරදක් වී ඇති බව සනාථ වුවහොත් වරදකරුවන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා ආයතන පිහිටුවීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday