පූජ්‍ය මාදුළුවාවේසෝභිත හිමියන් ජීවතුන් අතර සිටියානම් නව මහබැංකු අධිපති ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වනු ඇති බව උන්වහන්සේ නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේබව පවසා ඇත.
කුමාරස්වාමි මහතා ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන අතර කොටි සංවිධානයට අරමුදල් සැපයූ සහ ඊළාම් ඩයස්පොරාවේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රාහකයා වූ රාජ් රාජරත්නම්ගේ ගැලියන් සමාගමේ මූල්‍ය උපදේශකවරයා වශයෙන්ද කටයුතු කර ඇත. ETCA ගිවිසුම සැකසීම සදහා රජයට උපදෙස් දෙන ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෙක් වශයෙන්ද ඔහු කටයුතු කරයි.