Colombo Today Local NewsWorld

බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතර

බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයක ආපන ශාලාවකට ඊයේ රාත්‍රියේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ‍විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩකා හී ශුල්ෂාන් දිස්ත්‍රික්කයේ බෝලි ආට්සන් බේකරි නම් ආපන ශාලාවට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇති බවයි සදහන් වන්නේ.

සන්නද්ධ කණ්ඩායම විසින් ආපන ශාලාව තුළ විදේශිකයන් පිරිසක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින අතර ඒ අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.

ISIS ත්‍රස්තයන් ප්‍රකාශ කරඇත්තේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරා දැමූ බවයි. කෙසේ වෙතත් ආරක්ෂක අංශ එය ප්‍රතික්ෂේප කරන අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් කියයි.

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකව තිබෙනවා.

_90194942_a019b061-1449-4f02-9d9e-29e82adfcc1b _90196619_033836422

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී 100ක්.. පාළාත්සභා මන්ත්‍රී 200ක් සමග බැසිල් වෙනසකට මුලපුරයි !

colombotoday

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

ජන ගඟක්නම් දැක්කේ නෑ. ගෝල්ෆේස් එකනම් තිබ්බා

colombotoday

අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

Admin

ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද, ගෝඨාභය චූදිතයන් කෙරේ.. නඩු පැවරීමට නිර්දේශ

colombotoday

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday