Colombo Today Local News

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

ravi 125මහ බැංකු අධිපති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි දින කිහිපය තුළදී සමතයකට පත්කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගත්වයකට පැමිණ ඇතිබවත්, ඒ අනුව ඔවුන් දෙදෙනාගේ එකගත්වය මත ඊට සුදුසු පුද්ගලයෙකු තමා විසින් නිර්දේශ කරනු ලබන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මේ වනවිට චීනයේ සංචාරයක නිතරවී සිටින මුදල් ඇමතිවරයා ලබන 4 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන්පසු මහබැංකු අධිපතිවරයා පත්කිරීමට නියමිතය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 11 වන වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයා නිර්දේශ කිරීමේ බලය හිමිව ඇත්තේ මුදල් ඇමතිවරයාටය. එම නිර්දේශය සලකා බලා මහ බැංකු අධිපති පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිව තිබේ.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත් කිරිම සිදු කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

colombotoday