Colombo Today Local News

රනිල් – මෛත්‍රී සීතල යුද්ධය ඇවිළෙයි.. මහබැංකු අධිපති පත්කිරීම ජනපති අතට ගනී !

හෙට දිනයෙන් පුරප්පුපාඩු වීමට නියමිත මහබැංකු අධිපති ධූරය සදහා අර්ජුන් මහෙන්ද්‍රන් වෙනුවට තමන් විසින් වෙනත් අයෙකු පත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වනවා.

මේ සමග ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවතී සීතල යුද්ධය මේ වන විට ප්‍රසිද්ධියේ ඇවිලෙමින් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. අර්ජුන් මහෙන්ද්‍රන් පැන්නීමේ මෙහෙයුම දියත් කර තිබුණේ කලින් අගමැතිවරයාගේ සමීපතමයෙකුව සිටි මේ වන විට ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන ජනපති පාර්ශවයේ ප්‍රබළයෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලකය.

තමාට විරුද්ධව ක්‍රියාත්මකව සිටින ශිරාල් ලක්තිකලක ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම සදහා අගමැතිවරයා දැඩි උත්සාහයක නිරතව සිටින බවත්, අර්ජුන් මහෙන්ද්‍රන් බැරිනම් සිය දීර්ඝකාලීන සගයෙකු වන චරිත රත්වත්තේ මහබැංකු අධිපති ධුරයට පත්කිරීමට අගමැතිවරයා මෙහෙයුමක් අරඹා ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තා අද සවස 2ට පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ආරංචි මාර්ග සදහන් කරන්නේ එම වාර්ථාව අගමැතිවරයාගේ දේශපාලන සෞඛ්‍යටද අහිතකර වනු ඇති බවයි.

Related posts

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

colombotoday

ෆවුසිත් පනී…

colombotoday

දන්සැල් පරීක්ෂාවට සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් – ලියාපදිංචි වීම අනිවාර්යයි

Admin

පියසිරිගෙන් විමල්ට දැඩි ප්‍රහාරයක්.. විස්කි, පොලී, ඩීල් නොකී කතා තොගයක් එළියට අදී (Video)

colombotoday