Colombo Today Local News

“හයිබ්‍රිඩ් අධිකරණය ‍පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයි

hussein un  human rightමනව හිමිකම් උල්ලංඝණය සහ යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ෂණය කිරීම සදහා ජාත්‍යන්තරය විනිසුරුවන්ගෙන් සමන්විත (හයිබ්‍රිඩ්) යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාචික වාර්තවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීයැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කර චූදිතයන්ට දඩුවම් දිය යුතු බවත්, අදාළ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

එමෙන් ශ්‍රී ලංකාව පුරාම ස්ථානගත කර ඇති හමුදා භට පිරිස් අවම කරන ලෙසත්, උතුරු පළාතේ හමුදාව මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපාරික, සංචාරක සහ වගා කටයුතුවලට අදාල ව්‍යාපෘති නතර කරන ලෙසත් එම වාර්තාවෙන් ප්‍රකාශකර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පැසසුමට ලක්කර ඇති මානව හිමිකම් මහකොමසාරිස්වරයා එය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් ලබන වසරේ පැවැත්විය යුතු බවට ද නිර්දේශ කර තිබේ.

Related posts

“නෝනා කෙනෙක් ඇවිත් බාධා නොකළ නම්, ඇළ මාර්ග සියල්ල හාරලා.. බාධා කරපු අය නිසා තමා මේ ගංවතුර ප්‍රශ්න “

colombotoday

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

ජනාධිපති ධුරයට සුදුසු සිරිමාවෝ, චන්ද්‍රිකා වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් පමණයි – වෙල්ගම

colombotoday

පොල් ගෙඩිය 150 ඉක්මවාවි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනතුරු අඟවයි

colombotoday