මන්නාරම් කෝවිල් භුමියේ බලහත්කාරයෙන් දේව ප්‍රතිමාවක් සැදීම සම්බන්ධව රදගුරු රායප්පු ජෝශප්ට සහ ඇමති ජෝන් අමරතුංගට විරුද්ධව හින්දු සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කරනලද පැමිණිල්ල සම්භන්ධව කරුණු විමසීම සදහා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග සහ හින්දු කටයුතු පිළිබද ඇමති ස්වාමිනාදන් යන දෙදෙනා අද උදැස්සන 9.30 ට ජනාධිපතිවරයා කැදවා ඇතිබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපයේ මහනුවර, මහියංගනය, මඩවල, බදුල්ල, වැලිමඩ ආදී ප්‍රදේශවල අන්තවාදීන් විසින් බෞද්ධයාට විරුද්ධව සිදුකරන ලද ක්‍රියාකාරකම් පිලිබදව විවිධ සංවිධාන ජනාධිපතිවරයා දැනුවත් කලද, ඔහු විසින් ඒ පිලිබදව කරුණු විමසීමක් සිදු කිරීමට ඉදිරිපත්වුවේ නෑ.