මේ මස 30 වැනිදායින් සේවා කාලය නිමා වීමට නියමිත,මහාපරිමාණ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ට සේවා දිගුවක් ලබා ගැනීම සදහා එජාප සභාපති ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමති මලික් සමරවික්‍රම මහතා දැඩි උත්සාහයක නිරතව සිටින බව පැවසේ.
මුදල් පනත අනුව මහබැංකු අධිපතිවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබාදී ඔහු තවදුරටත් ධුරයේ තබා ගැනීම සදහා මෙහෙයුමක් දියත් කර ඇති මලික් සමරවික්‍රම මහතා ආණ්ඩුවේ ඉහළම පෙළේ ප්‍රබලයන් හමුවී මහබැංකු අධිපතිවරයා සාධාරණීකරණය කිරීමේ නිතරව සිටින අතර හිටපු ජනධිපතිනිය හමුවී සාකච්ඡා කර ඇති ඔහු ඇය හරහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට උත්සහා දරා තිබෙන බවද පැවසේ.