මහ බැංකු අධිපතිට අර්ජුන් මහෙන්ද්රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අම්පාර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශ්රියානි විජේවික්රම මහත්මියද බිම ඇද වැටීම නිසා රෝහල් ගත කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි කියයි.
රැලිය කොටුව රීගල් සිනමාහල අසලින් ඇරඹී ලංකා බැංකු මූලස්ථානය හරහා මුදල් අමාත්යංශය දෙසට ගමන් කරයි.