Colombo Today Local News

“මහින්ද කරපු සංවර්ධනයක් නෑ..ණය අරන් කරේ සංදර්ශන.. ඒවයේ පොලිය ගෙවන්න බදු වැඩි කරා” කබීර් හෂීම්

වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ණයවලින් සියයට 80ක් වැය වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ණයවල පොලී හා වාරික ගෙවීමට බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිවරයා මේ බව කිවේය.
එදා සිදුකළේ සංවර්ධනයක් නොව සංදර්ශනයක් බවත්, වත්මන් රජය සෑම කටයුත්තක්ම කරන්නේ විනිවිදභාවයක් ඇතිව බවත්, හෙතෙම පැවසීය.

බදු බර වැඩිබව පිළිගන්නා බවත්, මේ නිසා ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් මත ප්‍රාග්ධන බද්දක් පනවා සාමාන්‍ය ජනතාවගේ බදු බර අඩුකරන බවද හෙතෙම කීවේය.

මහබැංකු අධිපතිවරයා අගමැතිවරයාගේ යහළුවෙක් වුවද ඔහු සුදුසුකම්, අත්දැකීම් ඇති නිලධාරියෙකු බවද ඒ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස කියා සිටියේය.

Related posts

බුවනෙකභා රාජ සභා මණ්ඩපය විනාශකළ නගරාධිපතිගෙ මයිලකට අත තියන්න දෙන්නේ නෑ. කුරුණෑගල නගරාධිපති වෙනුවෙන් ජොන්ස්ටන් සටනට

colombotoday

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

Admin