Colombo Today Local News

අර්ජුන මහෙන්ද්‍රන් නිසා ආණ්ඩුව දෙකට බෙදෙයි.. මහබැංකු අධිපතිකම ඇමති ජෝන්ගේ බෑණාට !

bis456

නැවත වරක් මහබැංකු අධිපති ධුරයට මහා පරිමාණ දූෂණ චෝදනාවට ලක්ව සිටින සිංගප්පූරු ජාතික අර්ජුන මහෙන්ද්‍රන් නැවත පත්කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු දැඩි අර්බුදයකට ලක්ව සිටී.

අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ නිල කාලය දීර්ඝ කිරීමට එරෙහිව ආණ්ඩුවේම පිරිසක් ප්‍රසිද්ධියේ කටයුතු කරද්දී ඔහුව නැවත වරක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීම යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යට හිතකර නොවන බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් පිරිසක් අග්‍රාමත්‍යවරයාට පෙන්වා දී ඇති අතර, එම තනතුර අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ බැණනුවන් වන ආර්ථික විශේෂඥ දිනේෂ් වීරක්කොඩි මහතාට ලබාදෙන ලෙස යෝජනා කර ඇත.

එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තව දුරටත් මහබැංකු අධිපති ධුරයේ තබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට එරෙහිව ඇති චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, එය අධිකරණය විසින්ද පිළිගෙන ඇති බවත්, අර්ජුන මහෙන්ද්‍රන් එලවීමේ සටන තමාට එරෙහි දේශපාලන ව්‍යාපෘතියක් බවත් එම පිරිසට පවසා ඇත.

ඒ අනුව, මහා බැංකු අධිපති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙරේදා (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා දැනුම්දී සිටි නමුත්, කැබිනට් තීන්දු දැනුම්දීම සඳහා ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල කාලය දීර්ග කිරීමට තමා තරයේ විරුද්ධ බවයි.

 

Related posts

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday

තොටමුන නාඳුනන කාන්තා කාන්තා මළ සිරුරක්

colombotoday

රුවන්වැලි මහ සෑ, ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ ආරක්ෂාවට අධි ආරක්ෂිත වැටක්…

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin