Colombo Today Local News

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

thondaman

පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා වතු කම්කරු කොංග්‍රසය ලබන සතියේදී ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත යෑයි ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසීය.

ඒ අනුව තොණ්‌ඩමන් මහතාට යහපාලන රජයේ කැබිනට්‌ ඇමැති ධුරයක්‌ ද හිමිවනු ඇති අතර එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතාට නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ද හිමිවනු ඇතැයි ඉහත ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව තොණ්‌ඩමන් මහතා ඇතුළු නියෝජිතයන් කිහිප දෙනකු මෙම සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වනු ඇත.

එහිදී රජයට එක්‌වීම, ඉදිරි වැඩ කටයුතු ඇතුළු කරුණු රැසක්‌ පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණෙනු ඇතැයි ද එම ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

Related posts

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

colombotoday

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

Admin

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday