Colombo Today Local News

වවුචරේ අවුල 2017ටත් දිග්ගැස්සෙයි.. නිල ඇදුම වෙනුවට දිගටම වව්චර්ම දෙන්න තීරණයක්

2017 වසර සදහාද පාසැල් සිසුන්ට නිල ඇදුම් රෙදි වෙනුවට වව්චර්පත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සදහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට කර තිබුනේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතායි.

පාසල් සිසුන්ට නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවියන් යුතු නිල ඇදුම් රෙදි වවුචර් ක්‍රමය මගින් ලබා දිය හැකිවීම හා රජයේ පිරිවැය හා කාලය ඉතිරිකරගැනීමට හැකි වීම නිසා මෙම වව්චර් ක්‍රමය හදුන්වාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

නමුත් පසුගිය වසරේ මුල්වරට හදුන්වාදුන් වව්චර් බෙදාදීමේ ක්‍රමවේදය ගැටළුකාරී එකක් බවත්, තමන් දැඩි ලෙස අපහසුතාවට පත්කරන්නක් බවත් දෙමව්පියන්ගෙන් චෝදනා එල්ලවුණා.

Related posts

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

මහ වැස්සට කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක බිම් මහල යටවී පුද්ගලයෙකු මරුට.

colombotoday

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

colombotoday

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

colombotoday