Colombo Today Local News

[Video] එජාප මන්ත්‍රී මැති සබේ මේසය උඩ නැග සරම ගලවයි.. කෝටාව ඉල්ලා විරෝධයේ

ghf4

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල් මහතා ඊයේ (07)පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී තම මේසය මත නැගී සරම ගලවා දමා විරෝධයක නිරත විය.

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මන්ත‍්‍රීවරුන්ට හිමිවන කෝටා ක‍්‍රමයේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් මන්ත්‍රීවරයා සිය සරම ගලවා දමුවේ සිසුන් ඇතුළත් කිරීමේදී පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පුරප්පාඩු 5ක් පිරවීමේ අවස්ථාව ලැබී ඇති අතර ඉන් තුනක්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න සංජීව මහතා විසින් පුරවා ඇති බව ඉෆ්තිකාර් ජෙමීල් මන්ත්‍රීවරයා චෝදනා කරමිනි.

ඉතිරි දෙකෙන් එක් අවස්ථාවක් සුදුසුකම් ඇති සිසුවෙකුට ලබාදෙන ලෙස තමන් ගොස් විදුහල්පතිනියගෙන් ඉල්ලූ අවස්ථාවේ එම පුරප්පාඩු දෙකද ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා පුරවන බව ඇය පැවසූ බව මන්ත‍්‍රීවරයා පැවසී ය.

මේ අවස්ථාවේ ඉෆ්තිකාර් ජෙමීල් මන්ත‍්‍රීවරයා සහ ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා අතර දැඩි වචන හුවමාරුවක් සිදුවූ අතර ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා පැවසුවේ ගැටලූව විසඳීම සඳහා සභාවෙන් පිටතදී හමුවෙන ලෙස ඉෆ්තිකාර් මන්ත‍්‍රීවරයාට පවසන බවයි.

මුලසුනෙහි සිටි උප සභාපති යසපාල කෝරළගේ මහතා දැඩි පරිශ‍්‍රමයක් දරා සභාව සන්සුන් කිරීමෙන් පසු ඉෆ්තිකාර් ජෙමීල් මන්ත‍්‍රීවරයා බිම තිබූ තම සරම ඇඳගෙන යළිත් අසුන් ගෙන තිබේ.

Related posts

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday