Colombo Today Local News

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

kosgama

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු තුවාල ලැබූ 47 දෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරකු ලැබ සිටිති.

කඳවුරෙන් තවමත් දුම පිටවෙතියි ප්‍රදේශවාසීහු පවසන අතර හයිලෙවල් පාර කළුඅග්ගල හංදියෙන් වසා දමා ඇත.
මාර්ගයේ යන වාහන නැවැත්වීම සදහා යුද හමුදා පොලිසිය යොදවා ඇති අයුරු දක්නට ලැබෙන අතර විසිරුණු ආයුධ කොටස් තැන තැන දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති.

කොස්ගම කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නෑ

කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත්  පොලිසිය කියයි

 

ගුවන් හමුදාව කොස්ගම විශේෂ නිරීක්ෂණයක – හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයට ලවීමේ උත්සාහයක

කොළඹින් යැවූ ත්‍රිවිද හමුදාවේ විශේෂ කණ්ඩායම් කොස්ගමට ලංවීමට උත්සහ ගන්නා බවත් වාහන තදබදය නිසා එය ඉතා අසීරු බවත් ආරක්ෂක ආරංචි කියයි.  ගුවන් හමුදාව විසින් ගුවන් ගත කළ බී 200 වර්ගයේ විශේෂ නිරීක්ෂණ යානාව මගින් කඳවුර අවට  නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ගුවන් හමුදාව කියයි.


කොස්ගම කඳවුරේ මහා පිපිරීමක් – සාමාන්‍ය වැසියන් ප්‍රදේශයෙන් ඉවත් කරයි

කොස්ගම කඳවුරේ පිපිරීමේ හඬ එක් පැත්තකින් කලුඅග්ගල දක්වා ද අනෙක් පැත්තෙන් අවිස්සාවේල්ල දක්වා ද ඇසෙන බව කඳවුර අසල වැසියෝ කියති.
කොස්ගම ශාලාව සිට වර්ග කිලෝ මීටර 6 ක් දුර පදිංචි කරුවනට එම පෙදෙස් වලින් ඉවත් වන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි පවසයි
යුද හමුදාපති ලුත්නන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා එහි යෑමට නියමිත බව හමුදා ආරංචි කියයි.

Related posts

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්

colombotoday

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

” පළාත් පාලන මැතිවරණය කල් දැම්ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් “

colombotoday