නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඇතැම් සැළසුම් වෙනස් කිරීමට සිදුවන බවත් මේ නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය වන මුදල ද වැඩිවිය හැකි බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී දිසානායක මහතා පවසයි.
පොතුහැර සිට ගලගෙදර කොටසේ මූලික සැළසුම් මේ වන විට වෙනස් කර ඇති අතර ඇතැම් ස්ථානවලදී කඳු කැපීම් වෙනුවට කුඩා උමං තැනීමට සිදුව ඇති බව ඔහු පවසයි.
ඉකුත් දිනවල පැවති නැයයෑම් ආපදා සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මහාමාර්ග අමාත්‍යාංශයට දළ වශයෙන් රුපියල් මිලියන 400 ක පමණ අලාභයක් සිදුව ඇති බව ඩී.සී දිසානායක මහතා වැඩිදුරටත් පවසයි.