මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලනික දඩයම් මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ(1) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කලේ දුෂිතයන් තමන්ගේ පැත්තට දිනා ගැනීම සදහා පමණක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) බාවිතා කරන බවයි. මෙය රනිල් මෛත්‍රී යහපාලනය නොව රනිල් මෛත්‍රී අශිෂ්ඨ පාලනය බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේ.