6 April 2025
Colombo Today Local News

100ක් තවමත් පස් යට.. අරණායක මෙහෙයුම් නවතී.. මහා දනක් දී මියගිය අයට පිං දෙයි

aranayaka2356

අරණායක සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් සෙවීමේ කටයුතු සිද්ධියෙන් දෙසතියකට පසු අද අවසන් කළ බව යුද හමුදාව පවසයි.

විටින් විට නාය යාමත්, අයහපත් කාලගුණයත් නිසා අතුරුදන් වූ 100කගේ පමණ සිරුරු සොයාගත නොහැකි වී තිබේ.

හත්ගම්පොළ පාසලේ දී ලබන 02 වැනි දා උදෑසන 08.00 ට යුද හමුදාව, පොලිසිය, ආපදා කළමණාකරණ ඒකකය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය, ගම්වාසීන්ගේද සහයෝගයෙන් මියගිය පුද්ගලයින් සඳහා පාංශුකූලය දී මහා සංඝරත්නයේ 60 නමකට දානයක් පිරිනැමීමට සූදානම් කර ඇතැයි යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසී ය.

මෙම සිද්ධියෙන් සිරුරු 35 ක් සොයා ගැනිණි. ඒ අතර පාසල් සිසුන් 11 දෙනෙකුගේ සිරුරු විය. අඩු ගණනේ සිසුන් 25 දෙනෙකුවත් පසුගිය 17 වැනිදා නාය යාමෙන් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ

Related posts

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday

අය වැය ඡන්දයට ශ්‍රීලනිප සහය නෑ…

colombotoday

විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම්

Admin