Colombo Today Local News

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තු පෙන්වා දෙයි.

මේ අතර අද (26) උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි ඇතිවන බවයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විටවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවත් නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අද නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 40-50 ක් පමණ වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැ.කි.මී. 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වලද සුළං වේගය විටෙක පැ.කි.මී. 60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම කාලගුණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

“විජේදාස ඉවත් කළෙත්, රවීට ලොතරැයි මණ්ඩලය දුන්නෙත් එජාපය හා නායක රනිල් කියූ නිසයි” – ජනපති

colombotoday

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

colombotoday