Colombo Today Local News

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

flood colombo

වැසි ආපදාවලින් හානියට පත් දේපළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් කෝටි 15000ත් 25000ත් අතර මුදලක් වැය වෙනු ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මෙතෙක් හානියට පත් දේපළවල වටිනාකම පිළිබඳව පූර්ණ තක්සේරුවක් කර නැතත් ප්‍රතිසංස්කරණය සඳහා එවැනි මුදලක් වැය වෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා කීය.

එමෙන්ම කොළඹට බලපෑ ප්‍රබල ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කැලණිය දෙපස ඇති මෙම ඉදිකිරීම් හේතුවෙන් ආපදා අවස්ථාවල සහන කටයුතු කිරීමට පවා බාධාවන් මතුවන බවද හෙතෙම අවධාරණය කළේය. මේ අතර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබෙන ආධාර කිසිදු මැදිහත්කරුවෙකු නොමැතිව ජනතාව අතට පත් කිරීමට සූදානම් බව ද අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday