එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසිමේදී ජාතිවාදී ලෙස කටයුතු කරමින් මුස්ලිම් ජනතාවට පමණක් මුල් තැන දුන් බවට කොළොන්නාව ප්‍රදේශවාසීන් විසින් කරන චෝදනාවක් ඇතුළත් වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහත් කැළඹීමක් ඇතිකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එම වීඩියෝව ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා කළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවයි.
චෝදනාව සෘජුවම එල්ලකර තිබුණේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාටයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනසිරි අමරතුංග මහතා Colombotoday වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ තමන් ඇතුළු පිරිසක් කොළොන්නාවේ අවතැන් වූවන් සදහා ආධාර රැගෙන ගිය අවස්ථාවේ එහි සිටි පිරිස් පැවසූ දේ කිසියම් අයෙක් වීඩියෝගත කර අන්තර්ජාලයට එක්කර ඇති බවයි.
ධනසිරි අමරතුංග මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් සහ එස් එම් මරික්කාර් මහතා විසින් නිකුත් කර ඇති වීඩියෝ පහත දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ෆේසුබුක් ගිණුමේ තබා ඇති සටහන