Colombo Today Local News

ප්‍රවාහන අමාත්‍යාංශයේ මහා වංචාවක් ? ටෙන්ඩර් නැතිවම දුම්රිය මැදිරි 160ක් ගන්න යයි

nimal siripala

රජයේ ටෙන්ඩර් පටිපාටියට පිටින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය මැදිරි 160ක් ප්‍රවාහන අමාත්‍යාංශය මිලදී ගැනීමට කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඉන්දීය එක්සිම් බැංකුවේ සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ මෙම දුම්රිය මැදිරි මිලදී ගැනීමට සැළසුම් කර ඇති අතර මෙම දුම්රිය මැදිරි මිලදී ගැනීමට සාමාන්‍ය රජයේ ක්‍රියාපටිපාටියට අනුව ප්‍රවාහන අමාත්‍යංශය ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නොමැති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා ටෙන්ඩර් කැඳවීමට පුවත්පත් නිවේදන හෝ අවම වශයෙන් ගැසට් කර හෝ නොමැත. දුම්රිය මැදිරි නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම් කිහිපයක් ඇති අතර එම අතරින් අවම වශයෙන් එක් සමාගමක් දුම්රිය මැදිරි ලබාදීමට ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර ඉන්දියාවෙන් මෙම දුම්රිය මැදිරි මිලදී ගන්නේ නම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිර්දේශ මත ඉන්දීය රජයට සම්බන්ධ සැපයුම්කරුවෙකු නම් කර තිබේ.

ඒ අනුව මෙම දුම්රිය මැදිරි මිලදී ගැනීමේ ගනුදෙනුව අදාල ඉන්දීය සැපයුම්කරුවෙකු හරහා ප්‍රවාහන අමාත්‍යංශය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ ගනුදෙනුව ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව, තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව සිදු කීරීමෙන් විශාල වංචාවක් සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් දුම්රිය මැදිරි මැදිරියක් රුපියල් මිලියන 40ක් පමණ ඇත.

asianmirror

Related posts

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි.. කොමිසමෙන් ලිපිය භාර නොගනි

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

Admin