Colombo Today Local News

වැඩිහිටියන්ට, අබාධිතයන්ට සලකන්න රජයෙන් මුදල් නෑ… දීමනාවෙන් රු100ක් කපා අරමුදලක් හදනවා

sb disanayake 233

වැඩිහිටි හා ආබාධ සහිත වූවන් හට රැකවරණ නිවාස තැනීම සදහා ප්‍රමාණවත් මුදල් රජයෙන් නොලැබෙන බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ජීවිතයේ සැදෑ සමයේ අසරණව වැඩිහිටි නිවාසවල ගතකරන වැඩිහිටියන්ගේ සංඛ්‍යාව දැනට 25.000ක් පමණ වුවත් ඒ සදහා ප්‍රමාණවත් පහසුකම් වැඩිහිටි නිවාසවල නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිහිටි සුබසාධන කටයුතු සදහා රජයෙන් ප්‍රමාණවත් අරමුදල් නොලැබෙන නිසා වැඩිහිටියන් සඳහා ගෙවනු ලබන රුපියල් 2000 ක වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 ක් විශේෂ වැඩිහිටි සුබසාධන අරමුදලකට බැරකර, ඒ මගින් මෙම පහසුකම් දියුණු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

පුවක්පිටිය ජයවිරු සෙවන රැකවරණ නිවාසයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

ඊයේ හඳුනාගත් ජාඇල සුදුවැල්ල කොරෝනා ආසාදිත 5 දෙනා තැන තැන ඇවිදලා.

colombotoday

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට දන්වයි

colombotoday

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday