මේවනවිට ලක්හඩ ගුවන්විදුලිය පාඩු පිට පාඩු ලබමින් පවතින අතර නුදුරේදීම විකුණාදමනු ඇතැයි සැලකේ. ITN යටතේ ක්රියාත්මකවූ ලක්හඩ මීට වසර කිහිපයකට ඉහතදී ලාභ ලැබූ ආයතනයක් වන අතර ITN පාඩු ලබන අවස්ථාවලදී ලක්හඩ ගුවන් විදුලියේ ලාභ යොදාගනිමින් ආයතන දෙක ක්රියාත්මක කෙරුණි.
ITN හිටපු සභාපති නිවුටන් ගුණරත්න මහතා මීට දින කිහිපයකට ඉහතදී ඔහුගේ මුතුරන් සමග ලක්හඩ වර්තමාන තත්වය පිලිබදව සංවේගයෙන් කතා කර ඇත. තමාගේ දරුවකු වැනි ලක්හඩ කඩා වැටෙනු බලාසිටීම අසීරු බවයි ඒ මහතා සදහන් කර ඇත්තේ. ලක්හඩ ගුවන් විදුලිය නගා සිටුවීම සදහා ඒ මහතා විශාල කාර්යභාරයක් කරන ලදී.