Colombo Today Local News

කාලෙකින් නොඑන බුධ සංක්‍රාන්තියක් දැක බලා ගැනීමේ අවස්ථාව ලාංකිකයන්ට

Sunවසර 13 කට පසු විරල බුධ සංක‍්‍රාන්තියක් දැකබලා ගැනීමේ අවස්ථාව ලබන සදුදා ශ‍්‍රී ලාංකිකයන්ට උදාවනවා. එය දුර්ලභ සිදුවීමක් බව නවීන තාක්ෂණය පිලිබද ආතර් සී ක්ලාක් ආයතනය කියා සිටියා.

මෙම බුධ සංක‍්‍රාන්තිය ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.42 ටයි ආරම්භ වන්නේ. එය පස්වරු 6.16 වන තෙක් බටහිර ක්ෂිතිජය පැහැදිලිව ඇති ස්ථානයක සිට නිරික්ෂණය කළ හැකි බවයි ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ ප‍්‍රියංකා කෝරලගම ප‍්‍රකාශ කළේ.

දුරේක්ෂයක් සුර්යා දෙසට එල්ලකර ඉන් ලැබෙන ප‍්‍රතිබිම්බය සුදු තිරයක් මතට ගැනීම මෙම සංක‍්‍රාන්තිය දැකබලා ගැනීමේ ආරක්ෂිත ක‍්‍රමය බවයි ප‍්‍රියංකා කෝරලගම සදහන් කළේ.එය නිරික්ෂණය කිරිම සදහා ග‍්‍රහලෝකාගාරයේ දී පහසුකම් සලසන බව ද ඇය පැවසුවා.

ITN

Related posts

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

colombotoday

සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ වලින් – ස්කෑන් පරීක්ෂාවෙන් හෙළිවෙයි

Admin

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

colombotoday

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

colombotoday