BusinessColombo Today Local News

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

මෙරට වෙළඳපලේ වර්තමානය වන විට වාරහන මිල ගනන් විශාල ලෙස ඉහල ගොස් තම කර්මාන්තය කඩා වැටෙන තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සම සභාපති කෝකිල දීකිරිවැව මහතා පවසන්නේ ටොයෝටා ඇක්වා මෝටර් රියක් අද ලක්ෂ 48 ක්, ප්‍රියස් රථයක් ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් රියක් ලක්ෂ 49-50ක්, වෙසල් රථයක් ලක්ෂ 70ක් ණ මිලක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

පසුගිය මාසවලදීද වාහන වෙලඳපල විශාල වශයෙන් කඩා වැටුනු බවත් දිගටම රුපියල බාල්දු වීම මීට ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයිද පවසන සම සභාපතිවරයා රේගු තක්සේරුවේදීද ඉහළ මිලක් නියම කිරීමද බලපා ඇතැයිද කියා සිටියේය.

මේ අතර විදුලි මෝටර් පැනවූ විශාල බද්ද හේතුවෙන් එම වාහන අලෙවිය මුළුමනින්ම බිඳ වැටී ඇතැයිද පවසන ඔහු අද වන විට නිසාන් ලීෆ් රියක් රුපියල් ලක්ෂ 50ක් පමණ වන්නේ යයිද පැවසීය.

මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ මෙරටට වාහන ආනයනය තිරීම තවත් මාස කිහිපයක් යන තුරු අත්හිටුවන බවයි.

Related posts

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා හදිසියේ රෝහල්ගත කෙරේ

colombotoday

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday