Colombo Today Local News

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

kanya

‘ගැලවීමේ හමුදාව’ නමින් හැදින්වෙන් කිතුණු කණ්ඩායමේ කන්‍යා සොහොයුරියන් ලෙස වෙස්‌ ගන්වා පූජක ඇඳුම් අන්දවා ධර්ම ප්‍රචාරය සඳහා විදේශ ගත වන කන්‍යා සොහොයුරියන් බව අඟවමින් ඩුබායි දේශයට ගෘහ සේවිකාවන් යවන සංවිධානාත්මක මිනිස්‌ ජාවාරමක්‌ අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ පරිපාලන නිලධාරි සරත් පුෂ්පකුමාර මහතා සමත් විය.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ බාලසූරිය මහතා විසින් මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ ගොනුකළ පැමිණිල්ල අනුව 2016 අප්‍රේල් මස 26 වැනි දින ගැලවීමේ හමුදාවේ කන්‍යා සොහොයුරියන් ලෙස වෙස්‌ ගත් කාන්තාවන් තිදෙනකු සංචාරක වීසා මත ඩුබායි යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. එම කාන්තාවන් පිළිබඳ සැක සිතී ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේ ඔවුන් කන්‍යා සොහොයුරියන් නොවන බවත් ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහා ඩුබායි බලා පිටත්වීම සඳහා පැමිණි බවත් ප්‍රකාශ කර ඇත.

ගෘහ සේවිකාවන් ලෙස ලබාගත් පුහුණු සහතික පවුල් පසුබිම් වාර්තා ආදිය ඔවුන් සතුව තිබී නොමැත. ඒ අනුව කන්‍යා සොහොයුරියන් ලෙස සැරසී සිටි ප්‍රැන්සිස්‌ පාක්‍යයම් එළිසබෙත්, සින්නයියා පුෂ්පනාදන් පුෂ්පලතා සහ පට්‌ටිවේල් මනුජා නමැති තිදෙනාගේ නීති විරෝධී විදේශ ගතවීම නවතා විමර්ශන කටයුතු අරඹා ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ හැටන් දික්‌ඔය පදිංචි නාදන් සහ මීරිගම පදිංචි ප්‍රියංකා නමැති විදේශ රැකියා උප ඒජන්තවරුන් විසින් බවයි.

මෙම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ තවත් ජාවාරම්කරුවන් දස දෙනකුගේ දුරකථන අංක විමර්ශනවලදී අනාවරණය වූ අතර එම දුරකථන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදීමට දුරකථන සමාගම්වලට නියෝග කරන ලෙසට පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. පී. පෙරේරා මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය. ඊට ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විසින් අවසර ලබාදෙන ලදි.

(දිවයින)

Related posts

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

colombotoday

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Admin

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin

ඇමති අනින් රාජ්‍ය වෙසක් උත්සවයේ ආගමික වතාවත් සජීවී විකාශය අතරමග අත්හිටුවයි

colombotoday

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ​හොත් අපේක්ෂක ලේඛනයම අහෝසියි

colombotoday

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday