Colombo Today Local News

“මම ගැහුවනම් ගුටිකාපු කෙනා නවතින්නේ ඔපරේෂන් තියටර් එකේ” තෙවරප්පෙරුම ඇගේ හයිය ගැන කියයි

පාර්ලිමේන්තුව තුළදී තමා කිසිවෙකුට පහර නොදුන් බවත්, පහරදීමක් සිදුකළා නම් පහරකෑ පුද්ගලයාට නවතින්නට සිදුවන්නේ හදිසි අනතුරු වාට්ටුවේ නොව ශල්‍යකර්ම ඒකකයේ බව වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සභාව අමතමින් සිටියදී ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම චාරයක් නොමැතිව ‘උඹ බන් බොලව්, ඕකට කියපන් කතාව නවත්වන්න’ ආදී ලෙස කෑ ගැසූ බවත්, කථානායකවරයාටද එම වචන කියමින් කෑ ගැසූ බවත් ඔහු පවසා සිටියේය.

එම අවස්ථාවේදී තමන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගෙන් ‘ඔය දේවල් කරන්නේ මර්වින්න් සිල්වාගෙන් ඉගෙනගත් දේවල් නිසාදැ’ යි විමසූ බවත්, ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා පැනගෙන විත් තමාට පහරදීමට උත්සාහ කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේ තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අල්ලාගැනීමට යාමේදී බිම වැටුණු බවත් එවිට මන්ත්‍රීවරයාගේ මුහුණට පහරදී ඇති බවත් ඔහු පවසා සිටියේය.

Related posts

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට…

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

colombotoday

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

ටයිකෝට් පැළඳ සාස්තර කියනවා – ක්‍රීම් ගාලා ගමේ ගෑනු කැතවෙලා !

colombotoday