හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂා ඉවත් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව විරෝධය පලකරමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්විමට ඒකාබද්ධ විපක්ෂය තීරණයකර තිබේ.
එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ හෙළා ඇති බවත්, මේ නිසා රටපුරා සිටින ජනතාව සමග එක්ව සෑම දිස්ත්රික්කයකම ආසන මට්ටටින් විරෝධය පළකරන බවත්ය.