Colombo Today Local News

“ත්‍රස්තවාදය තුරන්කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනපති සිරිසේන අමතක කරලා” නාමල් ජනපතිට මතක් කරයි

අනෙකුත් නිලධාරීන්ට හමුදා ආරක්ෂාවක් ලබා දී නොමැති හෙයින් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට යොදාවා සිටි හමුදා නිලධාරින් ඉවත් කිරිමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළත් ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහසුවෙන් අමතක කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

සිය පියාගේ ආරක්ෂාව සඳහා සිටි හමුදා නිලධාරීන් ඉවත්කිරීම පිළිබඳව සිය බ්ලොග් අඩවියට වාර්තාවක් ඉදිරිපත් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියයි.

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා සිටි හමුදා නිලධාරීන් යුද්ධය අවසන් කාල සීමාවේදී පවා ඔහු හා සිටි මනාව පුහුණු ලැබූ නිලධාරින් බවත් නාමල් රාජපක්ෂ මහතාගේ වාර්තාවේ වෙයි.

හමුදා නිලධාරීන් ඉවත් කිරීම හරහා රජය ශක්තිමත් පිණිවිඩයක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කරයි. වත්මන් රජය හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරනවා වෙනුවට කරන්නේ ඔහුගේ ජීවිතය අනතුරේ හෙලීමක් බවද ඔහුගේ වාර්තාවේ සඳහන් වෙයි.

Related posts

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday