Colombo Today Local News

“සම්බන්ධන් ගියේ දෙමළ ජනතාවගේ ඉඩම්වලටයි.. මාධ්‍ය ජාතිවාදය අවුලවනවා” – අගමැතිගෙන් මාධ්‍යට දොස්

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුල් වුනේ මහජනතාවගේ ඉඩම්වලට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගියදා විපක්ෂ නායක ආර් සම්බන්ධන් කිලිනොච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් එබව පැවසු අගමැතිවරයා, අදාළ ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම්වලට විපක්ෂ නායකවරයා ගොස් ඇති බව තමන්ට හමුදාපතිගෙන් දැන ගැනීමට ලැබුණු බව කියා සිටියේ ය.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ විසි වන සංවත්සර උළෙල අමතමිනි.

දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයින් පසුගිය දා යුධ හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූවා යැයි කියන සිද්ධිය ඇතැමි ජනමාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය ද අග්‍රාමාත්‍යවරයාගේ විවේචනයට භාජනය විය.

“The Island” සහ “දිවයින” පුවත්පත් එම පුවත වාර්තා කර තිබූ අයුරු ගෙනහැර දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසූවේ LTTE සංවිධානය යළි හිස ඔසවන බවක් එම පුවත්පත් වාර්තා මගින් සමාජගත කිරීමට උත්සහ කරන බව යි.

LTTE සංවිධානය විනාශ වී අවසන් බවත් කෙතරම් ඇඬුවත් එම සංවිධානය යළි නොඑන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ LTTE සංවිධානය නැවත හිස ඔසවයි නම්, එම සංවිධානය හරි හැටි පරාජය නොකිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු දමනා බව යි.

Related posts

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

එප්පාවල නිවසක දී ද්විත්ව ඝාතනයක්

colombotoday

නිධානයකින් ගත් මැණික් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට.

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin