Colombo Today Local News

“කෘෂිකර්මෙට කෝටි 96ක කුලී ගොඩනැගිල්ල‌ ගන්න කැබිනට්‌ අනුමැතිය ලැබුණා” – රාජිත

141211181809_rajitha_senaratne_640x360_bbc

වසර පහක කාලයකට රුපියල් කෝටි අනූ හයක කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් එයට කිසිවෙකුත් විරෝධය පලකර නැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ 27 දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම ගොඩනැඟිල්ල කුලියට ලබා ගැනීම අත්හිටුවා ඇති බවට තමා ඉකුත් සතියේ කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ බවට මාධ්‍යවල පළ වූ වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය යෑයි ද, තමා එවැනි ප්‍රකාශයක්‌ නොකළ බව ද එම ගොඩනැඟිල්ල කුලියට ලබා ගැනීම සිදුවන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා රජයේ තක්‌සේරුවට අනුව අඩු මිලට ගොඩනැඟිලි ලබා ගත නොහැකි බවත් පෞද්ගලික අංශයේ තක්‌සේරුව රජයේ තක්‌සේරුවට වඩා වැඩි බවත් වෙනත් ගොඩනැඟිලිවල වටිනාකම් පිළිබඳ සොයා බලා මෙය ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් කීය.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙනයන රජයේ ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභාව පවත්වාගෙන යැමට පාර්ලිමේන්තුවට ලබා දෙන බවත් ඒ අනුව කඩිනමින් කෘෂිකර්ම අමාත්‍යාංශය නව ගොඩනැඟිල්ලට ගෙන යන බවත් ඇමැතිවරයා කීය.

නව ගොඩනැඟිල්ල කුලියට ලබා ගැනීම පිළිබඳව රාජ්‍ය ගිණුම් කාරක සභාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා පරීක්‍ෂණයක්‌ කළ නමුත් ගොඩනැඟිල්ල ලබා ගැනීම එම කාරක සභාව ද අත්හිටුවා නොමැති බවත් සේනාරත්න මහතා කීය.

රුපියල් එක්‌කෝටි පනස්‌ලක්‍ෂ හැත්තෑපන්දහසක මාසික කුලියක්‌ යටතේ වසර පහකට මෙම ගොඩනැඟිල්ල ලබා ගැනීමට නියමිතය. වසර දෙකකට වරක්‌ කුලී මුදල වැඩි කිරීම ඇතුළු කොන්දේසි කීපයක්‌ ද ඊට ඇතුළත්ව ඇත.

Related posts

ලසන්ත මැරුවේ ෆොන්සේකා යැයි අපි ඉස්සර සැක කළා.. දැන් එයා ගැන සැකයක් නෑ

colombotoday

එජාපයේ කැබිනට් පත්‍රිකා තුනක් අගමැති ඉදිරියේම ජනපති ඉවත දමයි…

colombotoday

මියන්මාර් නියෝජිත පිරිසක් ඥාණසාර හිමි හමුවෙයි !

colombotoday

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

colombotoday