Colombo Today Local News

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

උතුරු පළාත් සභාව සම්මත කළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම කලාපයක් පිහිටුවීමේ යෝජනාවට දකුණු පළාත් සභාවේ බලවත් විරෝධය ප්‍රකාශ කළ යුතු බවට යෝජනාවක් දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා ඇතුළු මන්ත්‍රීවරු 20 දෙනෙකුගේ අත්සනින් යුතු ව හදිසි යෝජනාවක් ඊයේ (26) පැවති දකුණු පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

එම පළාත් සභාවේ මන්ත්‍රීවරු 20දෙනෙකුගේ අත්සනින් යුතුව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් එය ඊයේ (26) දිනම විවාදයට ගන්නා බව දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ. සෝමවංශ මහතා පැවසී ය.

එම යෝජනාව උප සභාපති සම්පත් අතුකෝරල මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාවට දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල්ද සිල්වා, ඇමතිවරුවන යු.ජී.ඩී. ආරියතිලක, චන්දිමා රාසපුත්‍ර, විරසුමන විරසිංහ යන මහත්වරුන් ද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

රට බෙදන යෝජනාවලට එජාපය විරුද්ධ බව දකණු පළාත් සභාවේ විපක්ෂනායක එස්. තෙන්නකොන් නිලමේ මහතා සඳහන් කරයි.

දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දකුණු පළාත් සභාව ගාල්ල කළේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත් විය.

ගාල්ල – ලලිත් චාමින්ද

 

Related posts

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

colombotoday

රටක තිබිය යුත්තේ එක නීතියක් – එය සැමට පොදු විය යුතුයි – දුමින්ද

colombotoday

රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා – කතානායක මධ්‍යම රාත්‍රියේ නිකුත්කළ නිවේදනය

colombotoday

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

සිංගප්පූරු ගිය අගමැති එයි.. අර්ජුන් මහේන්ද්‍රන් නොඑයි…

colombotoday