Colombo Today Local News

චාවා බෝම්බ සිද්ධියට.. මහ කොටියා රැක්ක චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන්නා අත්අඩංගුවට

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂක බලකාය වූ චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන නිලධරයා වූ නගුලන් (ශිවමූර්තී කනපතිපිල්ලේ) යාපනයේ කෝපායිහිදී ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග කියයි.

2009 යුද්ධය අවසානයේ ඔහු සාමාන්‍ය වැසියෙකු ලෙස යාපනයේ කෝපායිහි පදිංචිව සිටියේය. චාල්ස් ඇන්තනී බලකායේ රාම් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් ලද තොරතුරක් අනූව නගුලන් අත්අඩංගුවට ගන්නට ඇතැයි දැනගන්නට තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල නායකයකුව සිටි ‘රාම්’ නමැත්තා ද ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් මීට දින කීපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු යුද සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල නායකයන් ලෙස ආරක්‍ෂක අංශවලට එරෙහිව සිදුකළ සටන් රැසකට සම්බන්ධවූවන් බවද හෙළිවී ඇත.

අත්අඩංගුවට ගෙන සිටින රාම් සහ තලේඅරසන් නමැති කොටි ප්‍රබලයන් යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනයට ලක්‌වී නොමැති බවද හෙළිවී තිබේ. රාම් නමැත්තා තිරික්‌කෝවිල් ප්‍රදේශයේ සිය බිරිඳ සමඟ පදිංචි වී සිට ඇති අතර ඊයේ අත්අඩංගුවට ගත් තලේඅරසන් නමැත්තා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

චාවාකච්ෙච්රිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ සහ අවි ආයුධ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොටි සංවිධානයට සම්බන්ධ වී සිටි එකොළොස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර රාජ්‍ය සේවකයෝ ගෝඨාභය උඩින් දිනවති !

colombotoday

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

colombotoday

ජනපති ඇමතිවරුන්ගේ කටවල්වලට තිරිංග දමයි !

colombotoday

“ශ්‍රීලනිප – එජාපය වහා සමගිවනු.. ඉක්මනින් අලුත් ව්‍යවස්ථාව ගෙනෙනු..!“ – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

අධිවේගයට බිලි වෙන්න ගිය පඬුකරද ගස සසුන්ගත කෙරේ

colombotoday