මැයි පළමුවැනිදායින් පසු රටේ නව දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ පවසා සිටියේ අද (25) මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර ජනතා අයිතියට පැවරීමෙ උත්සවයේදීය.
රටේ සහ ජනතාවගේ යහපත උදෙසා නව දේශපාලන තීන්දු රැසක් ගැනීමට මැයි පළමුවැනිදායින් පසු තමා තීරණය කර තිබෙන බවත් දූෂිත පාලනයන් නැවත රටේ බලයට පැමිණීම වැළැක්වීමට එම තීන්දු තීරණ වැදගත්වනු ඇති බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.