ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරු 10 දෙනාගෙන් තිදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපන පවත්වන මැයි රැළියට එක්වෙන බව වාර්තා වේ.
අක්මීමන සංවිධායක රමේෂ් පතිරණ, බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමරාසිංහ, රත්ගම සංවිධායක මොහාන් පී ද සිල්වා යන ආසන සංවිධායකවරුන් මෙසේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ පැවැත්වෙන් මැයි රැළියට නොයා කිරුළපන පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් දුමින්දි දිසානායක මන්ත්‍රීවරයා පැවැසුවේ නිදහස් පක්ෂය ගාල්ලේ සංවිධානය කරන මැයි රැළියට නොඑන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.