Colombo Today Local News

රට බෙදන උතුරේ යෝජනාවට නැගෙනහිරින් විරෝධය.. දකුණ නිහඩයි

උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අරමුණක් බවත්, එම පළාත් ඒකාබද්ධ කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් නසීර් මහතා පවසයි.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දෙමළ භාෂාව කතා කරන ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සදහා උතුරු පළාත් සභාව විසින් සම්මතකරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

උතුරේ හෝ නැගෙනහිර ජනතාවට මේ වනවිට එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි මොහොමඞ් නසීර් මහතා පෙන්වා දෙන්නේ.

උතුරු පළාත් සභා‍ව සම්මතකරගත් යෝජනාව සම්බන්ධයෙන් රජය මේ දක්වා සිය නිළ ස්ථාවරය ප්‍රකාශ කර නොමැති අතර එම යෝජනාව පිළිබදව මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පාලක හවුල් ආණ්ඩුවේ එජාප පාර්ශවය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එම යෝජනා පිළිබදව තමන් කිසිදු තැකීමක් නොකරන බවයි.

කෙසේවෙතත් රට දෙකඩ කිරීමේ න්‍යාය පත‍්‍රය යළි කරළියට පැමිණ ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසන්නේ රට කුඩා කොටස්වලට කඩා බෙදා වෙන් කිරීමේ බටහිර අවශ්‍යතාව අද එළිපිටම සිදුවෙන බවයි.

Related posts

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday

ජනවාරි 28 ග්‍රහ මාරුවෙන් රටට, ජනපතිට, ආණ්ඩුවට වෙන දේ ගැන මංජුල පීරිස්ගෙන් අනාවැකි

colombotoday

ප්‍රභාකරන්ට රඟපාන්න ගිය දකුණු ඉන්දීය නළු බොබී සිම්හා ට ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක්

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday