ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ප්‍රබල භූමිකාවකට පණ පෙවූ සජින් ද වාස් ගුණවර්ධන මහතා ඊයේ ශ්‍රීලනිපයේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේ වේදිකාවට ගොඩවිය.
යහපාලන වේදිකාවේදී දැඩි ලෙස විවේචනයට ලක්වූ සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විටත් යහපාලන රජයේ ප්‍රබල කොටස්කරුවකුව සිටින අතර රජයේ ඉහළම පෙලේ නායකයකුගේ සොයුරෙකු සමග හවුල් ව්‍යාපාරයක්ද අරඹා ඇත. ඉකුත් රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස පරිහරණය කළැයි චෝදනාව මත රිමාන්ඩ් කර සිටින ඔහු මේවන විට ඇපමත නිදහස ලබා සිටී.
මෙම රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වි සිටියහ.