Colombo Today Local News

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

මතුගම, ඔවිටිගල, බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරණ ලද අවුකන පිළිම වහන්සේගේ අනුරුව රැගත් දකුණු ආසියාවේ උදම හිටි පිළිම වහන්සේ ඊයේ 23 පෙරවරුවේ නිරාවරණය විය.

අඩි 135 ක් උසින් යුත් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කර තිබේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කරමින් එය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරිම ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යහපත් සමාජයක පදනම ගොඩනැගෙන්නේ බෞද්ධ දර්ශනය මත බවයි. අද ලෝකයේ බොහෝ ක්ෂේත්‍රවල විශේෂඥයින් පවා බුදු දහම සොයා එන තත්ත්වයට පත්ව ඇත්තේ එහි වටිනාකම මැනවින් අවබෝධ කරගෙන සිටින නිසා බව ද සඳහන් කළේය. ධර්මය රකින්නා ධර්මයෙන් ආරක්ෂා වන බව සඳහන් බුදු වදන නිතර සිහියේ තබා ගනිමින් බෞද්ධ දර්ශනය අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමට සියලූදෙනා කටයුතු කළයුතු බව ද මෙහිදී සිහිපත් කළේය.

http://editorial.ada.lk/wp-content/uploads/file/03-17-1024×669.jpg

Related posts

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

Admin

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday