Colombo Today Local News

උතුරට යනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගන්න වෙයි.. මැයි තුන සිට ක්‍රියාත්මකයි

විදේශීය ගමන් බලපත්‍ර සහිතව , මෙරටට පැමිණෙන පුද්ගලයන්ට 2016 මාර්තු 3 දා සිට උතුරු පළාතට ඇතුල් වනවා නම් ඒ සදහා රජයෙන් අවසර ලබා ගත යුතු වෙනවා .

යාපනය, කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම (විඩුතලතීවූ වලින් උතුරට) සහ වවුනියාව (ඕමන්තෙයි වලින් උතුරට) යා යුතු නම් , විදෙස් ගමන් බලපත්‍ර ඇති අය ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ පූර්ව අවසරයක් ලබා ගත යුතුයි .

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය කරුණු දක්වමින් සදහන් කරන්නේ , උතුරුට ඇතුල්වීම සදහා ඉල්ලුම් පත් ලබා ගැනීම ෆැක්ස් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි බවයි .කිහිපවර ඇතුලු වීම සඳහා අවසර දෙනු ලබන්නේ තුන් මසක කාල සීමාවක් සඳහා පමණක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට ඇප

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි වෙයි

colombotoday

සජබේ උද්ඝෝෂණ ව්‍යාපාරය නවතන්නැයි පොලිසි 18ක් කල ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

colombotoday