මැයි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වැට් බදි සංශෝධනයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ වැඩි නොවන බව ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
නව බදු සංශෝධනය අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් හා විදුලි සංදේශ සේවා සදහා වැට් බදු ඉහළ යන අතර, විදුලිය, ජලය, දේශීයව නිශ්පාදනය වන පළතුරු සහ කිරි නිශ්පාදන නිදහස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙතක් කලක් විදුලිය සඳහා වැට් බදු අය නොකල අතර එය එලෙසම ඉදිරියට ක‍්‍රියාක්මක වුවද දුරකතන ගාස්තු සමඟ 25%ක් අය කල විදුලි සංදේශ ගාස්තුවට අලූතෙන්ම 15%ක වැට් බදු එකතු වනු ඇත.