Colombo Today Local NewsTop Stories

කොළඹදී රු. මිලියන 7.5 ක තීරුබදු රහිත මත්පැන් ජාවාරම අනාවරණය

රජයේ බදු සතියට සමගාමීව, නාරාහේන්පිට ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක රුපියල් මිලියන 7.5 කට වඩා වටිනා විදේශීය මත්පැන් ජාවාරමක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇත.

කොළඹ නගර සුරාබදු කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පැවැති මෙහෙයුමේදී, මිලි ලීටර් 337,000 ක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 337 ක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සුරාබදු ආරංචි මාර්ග අනුව, මෙම ජාවාරම ගුවන්තොටුපොළේ තීරුබදු රහිත අලෙවිසැල් හරහා ආනයනය කළ මත්පැන් කොළඹ නිවසක ගබඩා කර, දේශීය වෙළඳපොළට විකිණීම සඳහා යොමුකළා.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබු අතර, රුපියල් 145,000 ක දඩයක් මත ඔහු නිදහස් විය.

Related posts

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

colombotoday

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

colombotoday

(Video) ජනපති අගමැති දීගය පරම්පරාගත ලව් එකක් – පී. හැරිසන්

colombotoday